By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආරුක්කු 9 මත සිනමා පටයක්. දුම්රිය ධාවනය ඇල්ල දක්වා පමණයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ආරුක්කු 9 මත සිනමා පටයක්. දුම්රිය ධාවනය ඇල්ල දක්වා පමණයි.
දේශීය

ආරුක්කු 9 මත සිනමා පටයක්. දුම්රිය ධාවනය ඇල්ල දක්වා පමණයි.

Last updated: October 9, 2024 5:25 pm
3 Min Read
Share

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024 ඔක්‍තෝම්බර් මස 09 වන දින සිට 15 වන දින දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වන අතර බදුල්ල සිට ගමන් ආරම්භ වීමට නියමිත දුම්රියන් ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමටද නියමිතව ඇත.

ඒ අනුව 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සංශෝධන පහත පරිදි වේ.

🟡 අංක 1005 | පෙ.ව. 05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල (පොඩි මැණිකේ)

ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.

🟡 අංක 1001 / 1041 | පෙ.ව.05/30 කොළඹ කොටුව සිට බදුල්ල (ඔඩිසි නගරාන්තර සීඝ්‍රගාමී)

ඔක්තෝබර් 10, 11, 12 සහ 13 යන දිනයන් හිදී ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.

🟡 අංක 1002 / 1042 | පෙ.ව.08/00 බදුල්ල සිට කොළඹ කොටුව (ඔඩිසි නගරාන්තර සීඝ්‍රගාමී)

ඔක්තෝබර් 11, 12, 13 සහ 14 යන දිනයන් හිදී ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වෙලාව වන පෙ.ව. 08/55 ට ගමන් ආරම්භ වේ.

🟡 අංක 1006 | පෙ.ව.08/50 බදුල්ල සිට කොළඹ කොටුව (පොඩි මැණිකේ)

ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව.09/40 ට ගමන් ආරම්භ වේ.

🟡 අංක 1008 | පෙ.ව.10/20 බදුල්ල සිට කොළඹ කොටුව (සීඝ්‍රගාමී)

ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව. 11/15 ට ගමන් ආරම්භ වේ.

🟡 අංක 1126 | පෙ.ව.04/00 මහනුවර සිට බදුල්ල (මන්දගාමී මිශ්‍ර දුම්රිය)

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.

🟡 අංක 1596 | පෙ.ව.11/30 බදුල්ල සිට මහනුවර (මන්දගාමී මිශ්‍ර දුම්රිය)

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන ප.ව. 01/15 ට ගමන් ආරම්භ වේ.

🟡 ඔක්තෝම්බර් 9 සිට 15 දක්වා සහ ඔක්තෝම්බර් 27 සිට 30 දක්වා කැලිප්සෝ දුම්රිය (අංක 1232/1234) ගමන්වාරයන් සියල්ල ධාවනය අවලංගු කර ඇත

🟡 අංක 1045 | රාත්‍රී 08/30 කොළඹ කොටුව – බදුල්ල (සීඝ්‍රගාමී රාත්‍රී තැපැල්)

ප්‍රමාදයක් සහිතව ධාවනය උවහොත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වීමට නියමිතව ඇත. එවැනි අවස්ථාවක ප.ව.06/30 බදුල්ල – කොළඹ කොටුව සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාවට ගමන් ආරම්භ වනු ඇත. එවැනි විටකදී දුම්රියන් සඳහා ආරම්භක දු.ස්ථානය වෙත සහ ගමනාන්තයන් වෙත බස් රථ මගින් ගමන් පහසුකම් සැලසේ.

මෙම දුම්රියන් ගමන් අවසන් කරන දුම්රිය ස්ථානයන් වල සිට බදුල්ල දක්වා සියළුම දුම්රිය ස්ථානයන් වලටද සහ ගමන් ආරම්භ කරන දුම්රිය ස්ථානය දක්වා බදුල්ල සිට ඇති සියළුම දුම්රිය ස්ථානයන් වලින්ද බස් රථ පහසුකම් සලසා ඇත.

ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ශනය ලබා ගැනීමේ පරමාර්ථය ඇතුව මෙම සිනමා පටය රෑගත කිරීම් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේනුතුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනා ගමන) ඒන්.ජේ ඉදිපොළගේ මහතා පැවසීය.

ආරුක්කු නවය පාළම මත දුමිරියක් තුළ අද (09) දින සිදුකළ පටිගත කිරීම් සදහා ඉන්දියාවේ නළු නිළියක් රැසක් සහභාගි විය.

TAGGED:9 arch bridge9 arch filmella train
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?