By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පාස්කු මහා මොළකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විජිත හේරත්.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > පාස්කු මහා මොළකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විජිත හේරත්.
දේශීය

පාස්කු මහා මොළකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විජිත හේරත්.

Last updated: October 8, 2024 5:13 pm
2 Min Read
Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙයවූ පුද්ගලයින් ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන්න විශේෂ මැදිහත්වීමක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා වෙච්ච පරික්ෂණ හරහා මේ වාර්තා නැති වුණේ කොහොමද ඒවයේ පිටු ගැලවුණේ කොහොමද කියන අපි හොයා බලනවා. ජනාධිපතිවරයා වෙත බාර දීපු වාර්තාවේ හිටපු නීති අධ්‍යක්ෂවරයා මැදිහත්වෙලා තමයි මේ කටයුතු පිළිබඳව උපදෙස් ලබාදීලා තිබුණේ. ඒ නිසා ඒ වාර්තාවේ යම් කොටස් අඩු වුණේ කොහොමද ? බාර දුන්න ඒවයේ තිබුණද ? ඊට පස්සේ මොකද වුණේ ? ඒ සියල්ල මේ පරික්ෂණ කණ්ඩායම පරික්ෂණ කටයුතු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට යම් කාලයක් යනවා යම් ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට අනුව අපි ඒ පත්කිරීම් සිදුකරලා තියෙනවා. පරික්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඒ පරික්ෂණ අනුව ජනාධිපතිවරයාට බාරදීපු වාර්තාවේ පිටු ගැලවුණාද පිටු හැලුණද මොකක්ද වුණේ අපි අනිවාර්යෙන්ම පරීක්ෂණ කරලා ඒ පිළිබඳව යථා කාලයේදී ජනතාව දැනුම්වත් කරනවා. ඉතිහාසයේ වුණ වැරදි මේ පාලන කාලය තුළ කිසිසේත්ම වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි ඉතා දැඩි තීරණයක ඉන්නවා අනිවාර්යෙන් ඒ පිළිබඳ මැදිහත් වුණ, මෙහෙයවපු අයට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මකරනවා. කිසිදු ආකාරයකින් පසුගිය ආණ්ඩු කළා වගේ ඒවා යට ගහන්න. ඒවා අතුරදන් කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒ විශ්වාසය ජනතාවට අපි ලබාදෙනවා.”

TAGGED:easter sunday attackVijitha Herath
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?