By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: බදු නොගෙවූ අඹු-සැමි යුවලක් මාස 06ක් සිපිරි ගෙට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > බදු නොගෙවූ අඹු-සැමි යුවලක් මාස 06ක් සිපිරි ගෙට.
දේශීය

බදු නොගෙවූ අඹු-සැමි යුවලක් මාස 06ක් සිපිරි ගෙට.

Last updated: October 8, 2024 11:14 am
2 Min Read
Share

වසර දෙකකට අදාළව රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන අඹුසැමි යුවළකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මාස 6 බැගින් සිර දඬුවම් නියම කළා.

මුද්‍රණ ව්‍යාපාරයක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට මෙලෙස දඩුවම් ලබාදී තිබෙනවා.

2014 සහ 2015 වසර සඳහා රජයට අයවිය යුතු වැට් බද්ද පැහැර හැරීම සම්බන්ධයෙන් 2022 වසරේ දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

ඒ අනුව එම වැට් බද්ද රජයට ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

එම නියෝගය අභියෝගයට ලක් කරමින් විත්තිකරුවන් දෙදෙනාම කොළඹ මහාධිකරණය හමුවේ සහ අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ නමුත් අදාළ අධිකරණ විසින් එම පෙත්සම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ අනුව එම නඩුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී අදාළ බද්ද රජයට ගෙවන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කෙසේ වෙතත් විත්තිකරුවන්ට එකවර බදු ගෙවීමට නොහැකි බැවින් විත්තිකරුවන්ට වසර පහක සහන කාලයක් ලබාදෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එහෙත් එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඊයේ දිනයේදී වැට් බද්ද ගෙවන ලෙස නියෝග කළේය.

කෙසේ වෙතත් එදින වැට් බද්ද ගෙවීමට නොහැකි වූ බව විත්තිකාර අඹුසැමි යුවළ සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමෙන් පසු එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් දෙදෙනාට මාස 6 බැගින් වූ සිර දඬුවම් නියම කළේය.

මේ අතර මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ ස්ථාන වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩසටහනක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඊයේ ආරම්භ කළා.

TAGGED:couple sent to jailprisonTaxvat
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?