“එස් පාස්” විශේෂ බලපත්‍රය මත සහ ඉහළ මට්ටමේ දුරකථන ඇමතුම් ලබා ගත් ආණ්ඩු සමයේදී අධිවේගී මාර්ගය වසර ගණනාවක් භාවිත කර ඇති බව වාර්තා වේ.
නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟ මෙම අවභාවිතයට තිත තැබූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.
මුදල් නොගෙවා දිනකට වාහන 150-200ක් අතර ප්‍රමාණයක් මෙලෙස ගමන් ගන්නා බවද පැවසේ.
මේ හේතුවෙන් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමින් ආරක්‍ෂක අංශයේ තවත් බොහෝ වාහන සහ වාහන “එස් පාස්” හෝ (විශේෂ බලපත්‍ර) නොමැතිව අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බව වාර්තා වේ.
මේ ආකාරයට පසුගිය ආණ්ඩු සමයේ එක් බලපත්‍රයකට හෝ දුරකථන ඇමතුමකට වාහන 10/15ක් අධිවේගී මාර්ගයේ ධාවනය වූ බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර නියෝග නිකුත් කර තිබියදීත් මෙවැනි අවභාවිතයක් සිදුවී ඇත.