By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නෙළුම් කුලුනේ මරණය හා අල්ටෙයාර් නිවාස සංකීර්ණයේ මරණයන් අතර සම්බන්ධයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > නෙළුම් කුලුනේ මරණය හා අල්ටෙයාර් නිවාස සංකීර්ණයේ මරණයන් අතර සම්බන්ධයක්
අපරාධදේශීය

නෙළුම් කුලුනේ මරණය හා අල්ටෙයාර් නිවාස සංකීර්ණයේ මරණයන් අතර සම්බන්ධයක්

Last updated: October 8, 2024 4:07 pm
3 Min Read
Share

ඊයේ (07) සවස් කාලයේ නෙළුම් කුලුණේ 29 වැනි මහලෙන් පැන ජාත්‍යන්තර පාසලක සිසුවියක් මියගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව නෙළුම් කුළුණ පාලන අධිකාරිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකි.

මෙම පාසල් දැරිය කොළඹ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් බවත්, පාසල් අධ්‍යාපනය නිමවී නෙළුම් කුළුණට ගොස් 29 වැනි මහලෙන් පැන සියදිවි හානිකරගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පාසල් නිල ඇඳුම සහිත පාසල් බෑගය නෙළුම් කුළුණ නැරඹුම් ප්‍රදේශයේ තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර, එහි තිබී සිසුවියගේ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් ද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම අදාළ පාසල් සිසුවිය පසුගිය ජූලි 2 වැනිදා කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවද පොලිසිය පවසනවා.

ඇයගේ පියා පොලිසියට ප්‍රකාශයක් ලබාදී දන්වා සිටියේ එම සිද්ධිය හේතුවෙන් ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවයි.

ඔවුන් තිදෙනා කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූවන් වන අතර, ඇයගේ මිතුරා සහ මිතුරිය සියදිවි නසාගත් ආකාරයෙන්ම මාස තුනකට පමණ පසු ඇය සියදිවි හානිකරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එසේම අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් පැන සියදිවි හානි කරගත් සිසුවිය එසේ සියදිවි හානිකර ගැනීමට පෙර මෙම සිසුවියගේ මුහුණ සිඹ ගොස් තිබූ බවටයි වැඩිදුරටත් වාර්තා සඳහන් කරන්නේ.

කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයෙන් පැන්න සිසුවියත් සිසුවාත් පාසල් නිල ඇඳුමින් පැමිණ පසුව එම නිවාස සංකීර්ණයේ දී ඇඳුම් මාරුකරගෙන ඉහළ මහලට ගොස් සියදිවි හානිකරගෙන තිබුණා.

එමෙන්ම මෙම සිසුවිය පාසල නිමවී කුරුඳුවත්තේ සිට නෙළුම් කුළුණට පැමිණ පාසල් නිල ඇඳුම පොත් බෑගයට දමාගෙන වෙනත් ඇඳුමකින් සැරසී පැමිණි බවද පොලිසිය පවසයි.

නෙළුම් කුළුණෙන් බිමට පැන්න සිසුවිය නෙළුම් කුළුණට ඇතුළු වීමට ටිකට් පතක් ගෙන 29 වැනි මහල ලෙස නම් කර ඇති නිරීක්ෂණ මැදිරියට ගොස් සපත්තු ගලවා බැම්ම මතට නැග බිමට පැන්නේ ඇත්තේ ප.ව. 3.30ත් 4.00ත් අතර බව පොලිසිය කියයි.

විමර්ශනයේදී එම පාවහන් යුගලයද පොලිසියට ද හමුවී ඇති අතර, ඇය හුදෙකලා ස්ථානයක සිට බිමට පැන ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් මෙන්ම නැරඹුම් බිමේ සිටි බොහෝ දෙනකුද මග හරිමින් බව පොලිසියට පෙනී ගියේය.

නැරඹුම් මැදිරියෙන් බිමට පැන්න ඇය තෙවැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුවට වැටී ඇත.

කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන්න සිසුවා සහ සිසුවිය වැටී තිබුනේද අතරමැදි තට්ටුවකටයි.

මෙම සිසුවියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්දිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

TAGGED:alteiarlotus towelotus tower and alteiarSuicide
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?