ඊශ්‍රායිලය සහ ඉරානය අතර ගැටුම් වර්දනය වීමක් සිදු වූවහොත් මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 15කගේ ජීවිත සහ රැකියා පිළිබඳ අවදානමක් මතු විය හැකි බව ඊශ්‍රායිලයේ තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරනු ලැබුවේය.
යම් හෙයකින් ඊශ්‍රායලය විසින් ඉරානය තෙල් ගබඩා කර ඇති ස්ථානය සහ එවන් නිෂ්පාදනය කරන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කලහොත් මේ වාතාවරණය ලාංකිකයන්ට විශාල බලපෑමක් ඇති විය හැකි බව හෙතෙම තවදුරටත් අවදාරණය කරන ලදී.