හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබූ, ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව වත්මන් ජනාධිපතිවරයාට ඊයේ සිට ලබාදී තිබෙනවා.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හිටපු ජනාධිපති වරුන්ගේ ආරක්ෂක අංශය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
ජනාධිපතිවරයෙකුගේ පාලන කාලය තුළ ඔහු හෝ ඇය ජනාධිපති ආරක්ෂක අංශය විසින් ආරක්ෂා කරනු ලැබේ. නමුත් ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු ආරක්ෂාව සැපයීම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශය වෙත පැවරේ.
ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරුන් 07 දෙනෙකු සඳහා එවැනි ආරක්ෂක ඒකක 07ක් ස්ථාපිත කර ඇති අතර 08 වන ආරක්ෂක අංශය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිතයි.
පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, තනතුරින් ඉවත් වු වහාම එම තනතුරට අදාළ ආරක්ෂකයින් ඉවත් කිරීම සිදු නොකරන අතර එය ක්‍රමානුකුලව ඉවත් කිරීම සාමන්‍ය දෙයක් බවයි.