ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීම ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ ජයසූරිය ‘අතුරු ප්රධාන පුහුණුකරු’ ලෙස කටයුතු කළ සමයේ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින්.
මෙම පත්වීම 2024 ඔක්තෝබර් 1 දින සිට, 2026 මාර්තු 31 දක්වා පවතිනු ඇත