ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන රජයේ අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති Jan Thesleff මහතා මේ බව පැවසුවේ ඊයේ (04) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවූ අවස්ථාවේදීය.
මෙහිදී තානාපතිවරයා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් රජයේ සුබ පැතුම් එක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ස්වීඩන රජයේ අවධානය යොමු වී ඇති බව ස්වීඩන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ළමා පෝෂණය පිළිබඳ ගැටළුව ස්වීඩන තානාපතිවරයාගේ අවධානයට යොමු කළ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගියද පාසල් සිසුන් අතර තවමත් පෝෂණ අභියෝග පවතින බවයි.