කොටගල ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා කරමින් සිටි සිසුවෙකු පන්දුවක් ඇල්ලීමට ගොස් පාසල් ගොඩනැගිල්ලක තාප්පයක ගැටී ජීවිතක්ෂයට පත්වුණා.
මෙම සිසුවා කොටගල ප්‍රදේශයේ පදිංචි පාසලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඔහු පාසල් සිසුන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුවක් අල්ලා ගැනීමට යාමේදී ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
බරපතළ තුවාල ලැබූ සිසුවා දික්ඔය ප්‍රාථමික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.