ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ අනාගත අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් නොලැබෙන බව සඳහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනයට අනුව පසුගිය සැප්තැම්බර් 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කෙරෙනු ඇති.
මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 ජනවාරි පළමුවැනිදා සිට අහෝසි කර නැවත 2015 ජනවාරි පළමුවැනිදා සිට එය සක්‍රීය කළා.
ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් ද 2015 ජනවාරි 01 වැනිදා සිට මාසික විශ්‍රාම වැටුප ලබා ගත්හ.
සේවා වසර ගණන නොසලකා අවසන් වරට ගෙවන ලද මූලික වැටුපෙන් සියයට 74 කට සමාන මාසික විශ්‍රාම වැටුපක් මහ බැංකු අධිපතිවරයාට හිමිවේ.
නව ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට කිසිදු මහ බැංකු අධිපතිවරයකුට විශ්‍රාම වැටුපක් හිමි නොවේ.

