දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගෙන ඔවුන්ට උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කර ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මෙම කාර්යයේ නිරත වන අතර, උප්පැන්න සහතික නොමැති දරුවන්ට උප්පැන්න සහතික ලබා ගැනීමට සහ එම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට සහය ලබා දේ.
එසේ වුවද උප්පැන්න සහතික නොමැතිව දරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවද වාර්තා වේ.
2024 ඔක්තෝම්බර් මාසය පුරාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හමු වී උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හැකියාව ඇත.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ඔක්තෝම්බර් මාසය පුරාවට කිසිදු අයකිරීමකින් තොරව ක්‍රියාත්මක කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.