මාතලේ – මඩවලඋල්පත ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.
මඩවල – නාලන්දවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මිතුරන් දෙදෙනෙකු සමඟ මඩවල උල්පත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.
ඔවුන් අදාළ මිතුරෙකුගේ 16 හැවිරිදි පෙම්වතිය බැලීමට එම ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඇයගේ පියා සහ සහෝදරයා ඇතුළු පිරිසක් ඔවුන්ට හිස්වැසුම් සහ පොලුවලින් පහර දී තිබෙනවා.
තුවාල ලැබූ සිසුන් තිදෙනා නාලන්දවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් 55 හැවිරිදි පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.