පුරාවස්තු කැණීම්වලින් ලබාගත් මිල කළ නොහැකි මැණික්, දුර්ලභ පිළිම සහ මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාර්තා වන අන්දමට පස්සර විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත. ගමගේ ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (30) පරමංකඩ ප්‍රදේශයේදී.
එහිදී විවිධ බරින් සහ වර්ණයන්ගෙන් යුත් ඉතා දුර්ලභ මැණික් ගල් 11ක්, රන් මංජුසාවක්, රිදී බුද්ධ ප්‍රතිමාවක්, තඹ ඇත් පිළිම 03ක් හමුවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 සහ 63 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.