කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවී පුද්ගලයකුට ජීවිතය අහිමි වීමේ අවාසනාවන්ත පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මියගොස් ඇත්තේ බලංගොඩ වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි.
කෙසෙල් ගෙඩියක් උගුරේ සිරවී හුස්ම ගැනීමට අපහසු වීමෙන් මෙම මරණය සිදුව ඇති බව බලංගොඩ මූලික රෝහලේ විශේෂඥ නීති වෛද්‍ය එම්.ජී. කේති සත්‍යයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේදී මියගිය පුද්ගලයාගේ බිරිඳ පැවසුවේ තම සැමියා නිවසේ ආහාර ගෙන කෙසෙල් ගෙඩියක් කමින් සිටි බවයි.
එක්වරම ඔහු බිම ඇද වැටුණු බවත් පසුව ඔහුව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට කටයුතු කළ බවත් ඇය පවසා තිබෙනවා.
වෛද්‍යවරයා වෙත රැගෙන යන විටත් තම සැමියා කෝමා තත්ත්වයෙන් සිටි බව අදාළ කාන්තාව සාක්ෂියේදී වැඩිදුරටත් පවසා සිටියා.