ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසීය.
එසේම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
තවත් මෙවැනි පුවත් එසැණින් දැනගන්න අපගේ WhatsApp Channel එකට එකතු වන්න. ඔබ ප්‍රදේශයේ උණුසුම් පුවත් අප වෙබ් අඩවියේ පල කරන්න editor@day2day.lk මගින් හෝ අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.