ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 51%ක් වත් විකිණීමට පසුගිය රජය සැලසුම් කර තිබූ අතර එය නතර කිරීමට වත්මන් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය හරහා විකිණීමට පසුගිය රජය සැලසුම් කර තිබුණි.
ඒ අනුව පෞද්ගලික ආයෝජකයෙකු ගෙන්වා ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව තිබූ ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කළා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීම වෙනුවට එහි කළමනාකාරිත්වය වඩාත් කාර්යක්‍ෂම කිරීමට ක්‍රමයක් සෙවීමට වත්මන් රජය තීරණය කර තිබේ.