පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේ මෙම අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව තීරු බදු රහිත වාහන බලපත්‍ර, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, කාර්යාලයක් සඳහා ගෙවන රුපියල් ලක්ෂයක දීමනාව, රුපියල් පනස්දහසක මාසික දුරකථන දීමනාව, තුන් ලක්ෂ පනස් දහසක් වන වාර්ෂින මුද්දර දීමනාව ඒ අනුව අහෝසි කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටද තීරණය වී තිබේ.
පළමුව එම වරප්‍රසාද ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේක අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතින් හා ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් හිමිව ඇති වරප්‍රසාද අහෝසි කිරීමට නියමිතව ඇතත් ඇතැම් ඒවා අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වී ඇත.
තවත් මෙවැනි පුවත් එසැණින් දැනගන්න අපගේ WhatsApp Channel එකට එකතු වන්න. ඔබ ප්‍රදේශයේ උණුසුම් පුවත් අප වෙබ් අඩවියේ පල කරන්න editor@day2day.lk මගින් හෝ අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.