වයස අවුරුදු 12 අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසූවාය.
අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යාන සහ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරඹීමට ළමුන්ට අවස්ථාව උදා වන බව වැඩිදුරටත් පැවසුවාය.