By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඉන්දියාව ක්‍රිකට් වාර්තා අලුත් කරයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ඉන්දියාව ක්‍රිකට් වාර්තා අලුත් කරයි
ක්‍රීඩා

ඉන්දියාව ක්‍රිකට් වාර්තා අලුත් කරයි

Last updated: September 30, 2024 5:46 pm
2 Min Read
Share

බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා දෙකක් අලුත් කිරීමට ඉන්දියාව අද (30) සමත් විය.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තාකළ වේගවත්ම ශතකය හා වේගවත්ම අර්ධ ශතකය අලුත් කළේය.

ඉන්දියාව පන්දුවාර 10.1කින් ශතක කඩයිම පසුකර ගියේය. කෙසේ නමුත් මෙහි පෙර වාර්තාවද ඔවුන් සතුවම තිබුණි.

ඔවුන් මීට පෙර වේගවත්ම ටෙස්ට් ශතකය 2023 වසරේදී බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව කොදෙව් දූපත්හිදී පැවති තරගයේ දී ක්‍රීඩාකර තිබිණි. එවර ඉන්දියාව පන්දුවාර 12.2කින් ශතකය සම්පූර්ණ කර ඇත.

එමෙන්ම ඉන්දියාව මෙම ඉනිමේදී අර්ධ ශතක සීමාවද පන්දුවාර 3කදී සම්පූර්ණ කිරීමට සමත් විය. එයද ටෙස්ට් ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය විය.

ඉන්දියාව බිඳදමනු ලැබුවේ මෙම වසරේදීම එංගලන්තය විසින් බ.ඉ. කොදෙව්වට එරෙහිව පන්දුවාර 4.2කදී පිහිටුවා තිබූ වාර්තාවයි.

මේ අතර ඉන්දියාව මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු ආකෘතියක පන්දුවාර 3කදී අර්ධ ශතකය සම්පූර්ණ කර නොමැතිවීමද විශේෂත්වයකි.

ඔවුන් මීට පෙර ක්‍රීඩාකර තිබූ වේගවත්ම අර්ධ ශතකය වූයේ පසුගිය වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේ දී බංග්ලාදේශයට එරෙහිව පන්දුවාර 3.4කදී අර්ධ ශතකය සම්පූර්ණ කිරීමයි.

දින දෙකකට වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය අද (30) දිනයේදී සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 233ක් රැස්කළහ..

ඉන් අනතුරුව පන්දුවට පහරදීම ඇරඹූ ඉන්දියාව, සිය පළමු ඉනිමට පන්දුවාර 34.4ක් ක්‍රීඩාකර කඩුලු 09ක් දැවී ලකුණු 285ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

ඒ වනවිට ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 52ක් ඉදිරියෙන් සිටියේය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් යෂස්වි ජයිස්වාල් පන්දු 51කින් ලකුණු 72ක්ද, කේ. එල්. රාහුල් පන්දු 43කින් ලකුණු 68ක්ද, විරාත් කෝලි පන්දු 35කින් ලකුණු 47ක්ද රැස්කිරීමට සමත් වූහ.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:BangladeshCricketIndiaSports
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?