බේකරි ඇතුළු ආපනශාලා ආහාර සඳහා මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයෝ පවසති.
බිත්තර මිල අඩුවීමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගත්තා.
ඒ අනුව බත් සහ කොත්තු රුපියල් 40කින් සහ බිත්තර රොටියක මිල රුපියල් 30කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
මේ අතර එම සංගමයේ සභාපති එන්. කේ.ජයවර්ධන කියා සිටියේ, බිත්තර මිල පහත වැටී ඇතත් බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි .
කෙසේ වෙතත්, පාරිභෝගිකයින් ඉල්ලා සිටින්නේ බේකරි ඇතුළු ආපනශාලා ආහාරවල මිල පාලනයක් තිබිය යුතු බවයි.