ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ නවතා ඇති වාහන සම්බන්ධයෙන් පළවන අදහස් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නව ජනාධිපතිවරයා පත් කිරීමෙන් පසු පසුගිය දින කිහිපය තුළ ජනාධිපති කාර්යාලයට භාරදුන් වාහන 107ක් පොලිස් ආරක්ෂාව යටතේ ජනාධිපති කාර්යාලයෙන් පිටත තාවකාලිකව ගාල් කර ඇති බව සඳහන්.
එමෙන්ම මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ නවතා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ගාල් කිරීමට නොහැකි නිසාය.
එහෙත් එය කිසිසේත්ම ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තබා නොගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට ලබා නොදුන් අතර හිටපු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත්කළ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට තම පාලන සමයේදී ලබාදුන් වාහන බවද එම නිවේදනයේ දැක්වේ.
එම වාහන භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.