පූගොඩ පොලිසියට ලද තොරතුරක් මත ගවයින් පටවාගත් ලොරියක් ලුහු බදිමින් ගොස් ලොරියේ ගමන් ගත් අයෙකුට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ අද (30) පෙරවරුවේ පානදුර උතුර පොලිස් වසම ආසන්නයේදී අදාළ සිද්ධිය සිදුව ඇති බවයි.
එම ලොරි රථයේ ගවයින් හතර දෙනෙකු සිටි බවයි පොලිසිය පැවසුවේ.
අනවසරයෙන් ගවයින් රැගෙන යමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පූගොඩ පොලිසියේ නිලධාරීන් ලොරිය හඹා ගොස් පානදුර ප්‍රදේශයට පැමිණ ඇත.
කෙසේ වෙතත්, ලොරි රථයේ ගමන් කරමින් සිටියදී පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියේ.