ඔක්තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් වයස අවුරුදු 12ට අඩු සියලුම දරුවන්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීමට අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරි උද්‍යාන වෙත නොමිලේ ඇතුළුවීමේ අවස්ථාව ලබාදී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේ පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බව නියෝජ්‍ය අධ්යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මිය පවසයි.
දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වැඩිදියුණු කිරීම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණය පිළිබඳ ආකල්ප වැඩිදියුණු කිරීම, දරුවන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම, විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.