අද (29) සිට නව සඳක් හෝ සඳක් පෘථිවියට එක්වන බව තාරකා විද්‍යාඥයෝ පවසයි.
විද්‍යාඥයන් මෙම ග්රහකය අගෝස්තු 7 වන දින හඳුනාගෙන එය 2024 PT5 ලෙස නම් කර ඇත.
2024 PT5 ග්රහකය සැප්තැම්බර් 29 වැනිදා සිට නොවැම්බර් 25 වැනිදා දක්වා දින 53ක් පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට හසුවන බවත් පසුව පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී විශ්වයට බොහෝ දුරක් යන බවත් පැවසේ.
කෙසේ වෙතත් කුඩා අඳුරු පර්වතයක් වන මෙම කුඩා චන්ද්‍රයා පියවි ඇසට නොපෙනෙන අතර දුරදක්න හෝ දුරේක්ෂ ප්‍රමාණවත් නොවන බැවින් එය නැරඹීමට වෘත්තීය දුරේක්ෂ අවශ්‍ය වන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය Jennifer Millard,
“වෘත්තීය දුරේක්ෂවලට මේ කුඩා සඳෙහි ඡායාරූප ගත හැකියි. තරු පසුකර වේගයෙන් යන මේ කුඩා තිත්වල අපූරු පින්තූර ඔබට අන්තර්ජාලයෙන් දැකගත හැකි වේවි.”