අධ්‍යාපන පොදු සහතික පත්‍ර 2023 (2024) විභාගයේ ප්‍රතිඵල දැන් අන්තර්ජාලයට නිකුත් කර ඇත.
ඒ අනුව අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල පහත සබැඳිය ඔස්සේ පරීක්ෂා කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 දෙනෙකු පෙනී සිට ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු පෙනී සිට ඇත.
එසේම, සියලුම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් යැවීම සඳහා දැනටමත් ලබා දී ඇති පරිශීලක නාමය (Username) සහ මුරපදය (Password) භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට දෙපාර්තමේන්තුව පහසුකම් සලසා ඇත.