යතුරුපැදියක පසුපැදිකරු යතුරුපැදිකරුගේ ගෙල කපා පසුව බියට පත්ව ඔහුගේම ගෙල කපාගත් පුවතක් ගනේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
මොවුන් දෙදෙනා මිතුරන් බවත් ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවත් වාර්තා වේ.
මියගොස් ඇත්තේ 42 හැවිරිදි යතුරුපැදියේ පසුපැදිකරුය.
යතුරුපැදිය පැදවූ පුද්ගලයා මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.