කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු ද වූ කුමාර වෙල්ගම මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
1982 දී හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ආසනයේ සංවිධායක ලෙස හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා පත් කළේය.
ඔහු 2007 සිට 2010 දක්වා කාර්මික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද 2010 සිට 2015 දක්වා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.
2020 නව ලංකා නිදහස් පක්ෂය පිහිටවූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම එහි නායකයා විය.
ඔහු කළුගංතොට සිංහයා නමින්ද හැඳින්වේ.