පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර නිකුත් වීම සම්බන්ධයෙන් ලබන සිකුරාදා වන විට වාර්තාවක් ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (26) කැඳවා මෙම උපදෙස් ලබාදුන් බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.
එම සාකච්ඡාවේදී ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි කොමිසම සඳහන් කළේ.
ප්‍රශ්න පත්‍රය නිකුත් කිරීම හේතුවෙන් ළමා මානව හිමිකම් කඩවීම සහ විභාගය නැවත පැවැත්වීමෙන් ඔවුන්ට සිදුවන බලපෑම යන කරුණු දෙකම මෙහිදී සාකච්ඡා කළ බව මානව හිමිකම් කොමිසම පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සිද්ධියෙන් අගතියට පත් දරුවන්ගේ දෙමාපියන් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙසයි.