ඊශ්රායලය පසුගිය දින කීපයම හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්රහාර දියත් කළේය.
ලෙබනන් තානාපති කාර්යාලය පවසන්නේ එහි සිටින ලාංකිකයින් ආරක්ෂිත බවය. ඔවුන් සමග මේ වන විටත් සමීප සම්බන්ධතා පවත්වාගෙන යන බව එරට ශ්රී ලංකා තානාපති කපිල ජයවීර මහතා නිවේදනය කළේය.
මෙරට ශ්රමිකයන්ගෙන් බහුතරය ලෙබනන්හි දකුණු ප්රදේශයේ සේවය කරන අතර සමස්ත ශ්රී ලාංකික ශ්රමිකයින් ගණන හත්දාස් හයසියයට ආසන්නයි.
ගැටුම් පවතින ප්රදේශවල ශ්රී ලාංකිකයින් නොමැති බවද තහවුරු කරන ලදී.