හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදුන් පොලිස් නිලධාරීන් අද (27) සිට ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායකවරයාගේ සහ විපක්ෂ නායකවරයාට තවදුරටත් පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ සියලූ පහසුකම් අහෝසි වුණා.
ඒ අනුව මන්ත්‍රී දීමනාව, සේවක දීමනාව, ඉන්ධන දීමනාව, මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම් අහෝසි වේ.
මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා ඔවුන්ට රැඳී සිටීමට අවසර ලබාදී ඇත්තේ මාදිවෙල මන්ත්‍රී නිවාසයේ පමණක් බවද වාර්තා වේ.