වෙළෙඳපොළේ බිත්තර මිල අඩුවීමට සමගාමීව බිත්තර ආශ්රිත බේකරි නිෂ්පාදනවල මිල ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
CAA හි සභාපති තුසිත ඉන්ද්‍රජිත් ප්‍රකාශ කළේ මීට පෙර ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රු. 28 සහ රු. 35 ක අතර මිලකට අලෙවි වන බවයි.
මෙම ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලබාදීමට පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.