By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හිටපු මහ බැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > හිටපු මහ බැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ.
දේශීය

හිටපු මහ බැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ.

Last updated: September 26, 2024 4:38 pm
2 Min Read
Share

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක් ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එච්. ඒ. කරුණාරත්න යන අයට එලෙස සිතාසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම විත්තිකරුවන් ඇතුළු විත්තිකරුවන් සයදෙනෙකුට එරෙහිව එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා පත්‍ර භාරදීමට අවසර ලබාදීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට පසුගිය මැයි මස 31 වැනිදා නියෝග කර තිබුණ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අධිචෝදනා පත්‍රය අත්සන් කරන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නිදොස් කොට නිදහස් වූ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අගෝස්තු 21 වැනිදා යළි නඩුවක් පවරා තිබිණි.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මීට පෙර අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූ අතර එහිදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන්ට නොතීසි නිකුත් නොකර අභියාචනාධිකරණය එම පෙත්සම ප්‍රතික්ෂේප කළේය.

TAGGED:Ajith Nivard CabraalCentral Bank
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?