කිලෝග්‍රෑම් 43.648ක් බරැති රුපියල් මිලියන 430කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අද (26) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකි.
සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
රේගු ඉතිහාසයේ වැටලූ විශාලතම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය මෙය බවද පැවසේ.