මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ආසනවල වෙනසක් සිදුවී ඇත.
ඒ අනුව ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ආසනයක් බැගින් හිමිව ඇති අතර කොළඹට සහ යාපනයට එක් මන්ත්‍රී ධුරය බැගින් අහිමි වී තිබේ.
මේ අතර 2023 ඡන්ද නාමලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 18ක් ලෙස පෙන්නුම් කෙරුණු අතර නව වැඩිවීමත් සමඟ එය 19ක් ලෙස පෙන්නුම් කළා.
එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
එමෙන්ම 2023 ඡන්ද හිමි නාමලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ධුර 19ක් තිබූ අතර එය නව සංශෝධනයට අනුව 18ක් බවට පත්ව තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 6 දක්වා අඩු වී තිබේ.
සෙසු දිස්ත්‍රික්කවල මන්ත්‍රී සංඛ්‍යාවේ වෙනසක් සිදුවී නොමැති අතර, ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 12ක් ලෙස පෙන්වා දී ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 5ක්, නුවරඑළිය 8ක් සහ ගාල්ල 9ක් ලෙස දක්නට ලැබිණි.
ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 7ක් ලෙස පෙන්වා දී ඇත.
හම්බන්තොට 7 ලෙසත් වන්නිය 6 ලෙසත් මඩකලපුව 5 ලෙසත් සඳහන් විය.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7ක් ලෙස පෙන්වූ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 4ක් ලෙස සටහන් විය.
කුරුණෑගල 15, පුත්තලම 8, අනුරාධපුරය 9, පොළොන්තරුව 5 ලෙස දක්නට ලැබිණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9ක් ලෙස පෙන්වූ අතර මොනරාගල 6ක්, රත්නපුරය 11ක් සහ කෑගල්ල 9ක් ලෙස සඳහන් විය.
මේ අතර, මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කළ යුතු මුදල් ප්‍රමාණය සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ඒ ඒ සඳහා ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රවල සඳහන් කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.