නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව විවිධ කොට්ඨාශ යටතේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා සඳහා අවශ්‍ය ඇප මුදල් ප්‍රමාණය, තෝරාගත හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. .
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වැනි වගන්තියට අනුව අදාළ නියෝජිතයන් විසින් මෙම ඇප මුදල් තැන්පත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මැතිවරණ කොට්ඨාශ 22 යටතේ ඒ ඒ මැතිවරණ කොට්ඨාශවලින් තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයකට ඇතුළත් කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණය එම නිවේදනයේ සඳහන් කර ඇත.
වැඩිම මුදලක් හිමිව ඇත්තේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයටයි.
එය රුපියල් 44,000 කි. ඉන් පසු කොළඹ 42,000 සහ මහනුවර මැතිවරණ කොට්ඨාශ සඳහා ස්වාධීන කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂවලින් රුපියල් 30,000ක් ඇප මුදල් තැන්පත් කිරීමට සිදුවේ.
ඇප මුදල් ප්‍රමාණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.
