ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලද නව කැබිනට් මණ්ඩලය ඊයේ දිවුරුම් දුන්නා.
මෙය ලංකා ඉතිහාසයේ පිහිටවූ කුඩාම කැබිනට් මණ්ඩලය ලෙස ද වාර්තා අතරට එක් වුනා .
ඒ අනුව, ජනාධිපතිවරයා , අගමැතිනිය සහ විජිත හේරත් යන පිරිස අතරේ මෙම නව කැබිනට් අමාත්‍ය ධුර බෙදී ගියා.
මේ අතර එම අමාත්‍ය ධුර වලට අදාල අමාත්‍යංශවල ලේකම්වරුන්ද ඊයේ දින පත් කරගනු ලැබුවා.
ජී. පී. සපුතන්ත්‍රී මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කෙරුණා.
ඩබ්ලිව්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු මහතා අමාත්‍ය මණ්ඩලයේ ලේකම් ලෙස පත් කෙරුණා.
කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
කේ. එම්. එම්. සිරිවර්ධන මහතා මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
අරුනි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
ජේ. එම්. ටී. ජයසුන්දර මහත්මිය අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
කේ. මහේසන් මහතා කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
එම්. එම්. නයිමුදීන් මහතා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසාය ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
ඒ. එම්. පී. එම්. බී. අතපත්තු මහතා ග්‍රාමීය හා නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
පාලිත ගුණරත්න මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
ඩබ්ලිව්. පී. පී. යසරත්න මහතා අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
එච්. එස්. එස්. තුයියකොන්තා මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
රංජිත් ආරියරත්න මහතා බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා.
