මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාරගැනීම අද (25) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, දිස්ත්‍රික්ක 22ක දින 07ක කාලයක් තුළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමට කටයුතු යොදා ඇති බවයි.
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීනව තරග කළ හැකි අපේක්ෂකයින් සඳහා මැතිවරණ නාමයෝජනා විවෘත වන බව මැතිවරණ කොමිසම පවසයි.
මහ මැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේයි.
මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් 4 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතය.
මෙම මැතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත ද අදාළ වන අතර රාජ්‍ය දේපළ පරිහරණ චක්‍රලේඛය ද වලංගු වේ.
එමෙන්ම මැතිවරණ නීති අද සිට ක්‍රියාත්මක බව කොමිසම නිවේදනය කළා.
සහනාධාර බෙදා හැරීම කිසිඳු අයුරකින් සිදු කළ නොහැකි බවද මැතිවරණ කොමිසම පවසයි.