උසස් පෙළ සිසුවියක් හෝටල් කාමරයට රැගෙන ගිය දිප්පිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයාට දඬුවම් ලබාදෙන ලෙස බලකරමින් එම පාසලේ දෙමාපියන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබෙනවා.
මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසු සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන පසුගිය 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදි විදුහල්පතිවරයා වැඩිදුර පරීක්ෂණ සිදු නොකර නිදහස් කර ඇති බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.
තිදරු පියෙකු වන විදුහල්පතිවරයාගේ වයස අවුරුදු 42 කි.
එමෙන්ම මෙම සැකකටයුතු විදුහල්පතිවරයා ප්‍රශ්න පත්‍රයක පිළිතුරු කියාදෙන බව පවසා සිසුවිය රවටා හෝටලයකට රැගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ විදුහල්පතිවරයා මේ වන විටත් එම පාසලේ සේවය කරන අතර ඔහුට පාසලේ අනෙකුත් ගුරුවරුන් සහය පළ කරන බවයි දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ.
ඔහු පාසලේ තබාගෙන දරුවන් අනාරක්ෂිත බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු කර සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.