By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජනපති අද ජාතිය අමතයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනපති අද ජාතිය අමතයි.
දේශපාලනදේශීය

ජනපති අද ජාතිය අමතයි.

Last updated: September 25, 2024 9:36 am
2 Min Read
Share

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතය.

ජනාධිපතිවරයා අද රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පසුගිය 21 වැනිදා පැවැති ඡන්ද විමසීමේදී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර, ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දසවන වගන්තියේ විධිවිධානයන්ට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව නව පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමට අදාළ මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඔක්තොම්බර් 4 වනදා සිට 11 වනදා මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කොට්ඨාශ 22 හි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාරගෙන ඇත.

මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

මහ මැතිවරණයෙන් තේරී පත්වන 10 වැනි පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා රැස්වීමට නියමිතය.

මේ අතර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා 2025 අයවැය අනාවැකිවලින් රුපියල් බිලියන 11ක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

TAGGED:අද ජාතිය අමතයිජනපතිජනපති අද ජාතිය අමතයි
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?