කාන්තාවක් පෞද්ගලික බස් රථයකට ගොඩවීමට යාමේදී ඇද වැටී එම බස් රථයටම යටවී අද (18) අලුයම මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසනවා.
මීගොඩ, නාවලමුල්ල මාර්ගයේ, සිරිමැදුරවත්ත, සේපාලිකා ගහයට හන්දියේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය කාන්තාව තවත් අයෙකු සමග එම බස් රථයට ගොඩවීමට යාමේදී එයින් ඇද වැටී තිබෙනවා.
එහිදී එම බස් රථයට යටවී මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් මියගිය කාන්තාවගේ හිසට බරපතළ ලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩදෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 57 හැවිරිදි ද දෙදරු මවකි.
මෙම අනතුර සිදුකළ බස් රථය පලා ගොස් තිබෙන අතර එය සොයා පොලිසිය විමර්ශන සිදුකරනවා.
තවත් මෙවැනි පුවත් එසැණින් දැනගන්න අපගේ WhatsApp Channel එකට එකතු වන්න. ඔබ ප්‍රදේශයේ උණුසුම් පුවත් අප වෙබ් අඩවියේ පල කරන්න editor@day2day.lk මගින් හෝ අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.