පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නැයි ඉල්ලමින් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරු දැරියන්ගේ දෙමව්පියන් විසින් මෙම විරෝධතාවය පවත්වයි.
විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට ද ඔවුන් විරෝධය පළ කරයි.
විරෝධතාවය පාලනය කිරීම සඳහා මේ වන විටත් එම ස්ථානයට පොලිසිය හා කැරළි මර්දන ඒකක කැඳවා තිබේ.