By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අවසන් ප්‍රචාරක රැලි හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > අවසන් ප්‍රචාරක රැලි හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
දේශීය

අවසන් ප්‍රචාරක රැලි හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Last updated: September 18, 2024 11:23 am
2 Min Read
Share

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද (18) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතය.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධාන රැලි මෙලෙස පැවැත්වෙනු ඇත.

ඒ අනුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් රැලිය කොස්ගස් හංදිය ප්‍රදේශයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් රැලිය ද ටවර් හෝල් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අවසන් රැලිය කොට්ටාව නගරයේදීත්, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වැත්වෙනු ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ජන රැලිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතිව තිබේ.

මේ අතර ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන අද දිනයේදී කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අවසන් ප්‍රචාරක රැලි සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.මේ අතර ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 445 පමණ සංඛ්‍යාවක් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතන වෙත ලැබී ඇති බව එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.

පොලීසියෙන් නිකුත් කළ විශේෂ රථ වාහන සැලැස්ම පහතින් දැක්වේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:ElectionLocalPoliceSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?