By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අනිත් අයට චාන්ස් දීලා ඔබේ අනාගතය නැති කරගන්නවා ද?
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > අනිත් අයට චාන්ස් දීලා ඔබේ අනාගතය නැති කරගන්නවා ද?
දේශපාලන

අනිත් අයට චාන්ස් දීලා ඔබේ අනාගතය නැති කරගන්නවා ද?

Last updated: September 18, 2024 2:47 pm
1 Min Read
Share

අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රනිල්ට පුළුවන් ජන රැලියට මිනුවන්ගොඩදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී අදහද් දැක්වූ  ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා,

2022 රට මහ අවුලකට පත්වුණා. ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ, ඩීසල් පෝලිමේ හිටියා. පොහොර තිබුණේ නැහැ, ආහාර තිබුණේ නැහැ. සම්පූර්ණ ආර්ථිකය කඩා වැටුණා, ඒ වෙලාවේ දේශපාලනයත් කඩා වැටුණා. අගමැතිත් ආණ්ඩුවත් ඉල්ලා අස්වුණා. කවුරුවත් ආණ්ඩුව භාරගන්න හිටියේ නැහැ. විපක්ෂ නායකතුමා දිව්වා. හර්ෂ ද සිල්වා ප්‍රසිද්ධියේ කිව්වා අපි මේක භාරගන්නේ නැහැ කියලා. අනුර දිසානායකව හොයාගන්නත් බැරිවුණා. ඒ අයට තේරුණේ නැද්ද ඔබේ වේදනාව, පෝලිම්වල හිටපු එක, ඒ වෙලාවේ දුවලා ගියා.  

මං මේක භාර අරගෙන, මේ සියල්ලම විසඳුවාට පස්සේ දැන් ඇවිල්ලා කියනවා මටත් දැන් චාන්ස් එකක් දෙන්න කියලා. 21 වැනිදා ඔබේ අනාගතය මේ අයට දෙනවාද? බන්දේසියේ දාලා දීලා ඔබේ අනාගතය නැති කරගන්නවාද? සමහරු කියනවා මාලිමාවට චාන්ස් එකක් දෙමු කියලා. මං අහන්නේ ඔබේ අනාගතය එක්ක චාන්ස් එකක් ගන්නවාද? අනුරට චාන්ස් එක දීලා තමන්ගේ අනාගතය නැති කරගන්න එපා. අපි ඉදිරියට යමු, ඒ වරමයි මං ඉල්ලන්නේ. අන්න ඒකයි 21 වැනිදා කරන්න තියෙන්නේ. අපි දිනනවා අපි දිනනවා සිලින්ඩරය ළඟින් කතිරය ගහන්න

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?