By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: උතුරට ඔස්ලෝ බෙදිල්ලක් සජිත් පොරොන්දු වෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > උතුරට ඔස්ලෝ බෙදිල්ලක් සජිත් පොරොන්දු වෙයි
දේශපාලන

උතුරට ඔස්ලෝ බෙදිල්ලක් සජිත් පොරොන්දු වෙයි

Last updated: September 18, 2024 2:19 pm
7 Min Read
Share

ඔස්ලෝ ප්‍රකාශනය අනුව උතුරට බලය බෙදීමට සජිත් ප්‍රේමදාස මහතා තමිල් අරසු කච්චි පක්ෂයට පොරොන්දු වීම ඉතාම භයානක තත්වයක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටයේ සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජනරැලියක් යටියන්තොට දී අමතමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

සජිත්ගේ පොරොන්දුව උතුරට ඔස්ලෝ බෙදිල්ලක්

ඊයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි සිංහලයෙන් කිව්වොත් ලංකා දෙමල රාජ්‍ය පක්ෂය වෙනම රටක් හදන්නම හදපු පක්ෂය මාධ්‍ය හමුවක් තිබ්බා. මොකටද? ඇයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහය දෙන්නේ කියලා පැහැදිලි කරන්න. අරසු කච්චි නායකයා මාවෙයි සේනාධිරාජා මොකක්ද කිව්වේ? අපි හැම අපේක්ෂකයාටම කතා කළා. අපිව වැඩියෙන්ම සතුටු කලේ සෑහීමකට පත් කලේ සජිත් ප්‍රේමදාස මැතිතුමායි. ඒ නිසා අපි සජිත්ට සහය දෙන්න තීරණය කළා.

සජිත් අපිට 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරලා පොලිස් බලතල සහිත පලාත් සභාවක් දෙන්න පොරොන්දු වුණා. සජිත් අපිට නව ව්‍යවස්ථාවක් ගෙනැල්ලා රට කෑලි නවයකට කඩන පෙඩරල් රටක් කරන්න පොරොන්දු වුණා කියලා මාවෙයි සේනාධිරාජා මහත්තයා කියනවා.

ඉතින් අනුර කුමාර මැතිතුමාත් කියන්නේ ඔය ටිකනෙ. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුවේ මේක තියෙනවානේ. අ ඇයි එහෙනම් සුමන්තිරන්ලා මාවෙයි සේනාධිරාජලා සජිත් මැතිතුමාට සහය දෙන්න තීරණය කලේ? අනුර නොකී සජිත් කියන බෙදුම්වාදින් සතුටු කරපු රහස මොකක්ද? ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. කාගෙන්වත් කටින් නොවේ. මාවෙයි සේනාධිරාජා මැතිතුමාගේ කටින්. එතුමා කියනවා සජිත් අපිට 2002 ඔස්ලෝ ප්‍රකාශනය අනුව බලය බෙදන්න පොරොන්දු වුණා. දෙමළ බෙදුම්වාදින් සජිත් වටා එකතු වෙන්න මොකක්ද මේ ඔස්ලෝ ප්‍රකාශනයේ තිබෙන්නේ?

2002 දෙසැම්බර් 5 දා නෝර්වේ ඔස්ලෝ නුවර දී කොටි සංවිධානයයි ලංකාණ්ඩුවයි අතර ඇති වුණු එකඟතාවයට තමා ඔස්ලෝ ප්‍රකාශනය කියන්නේ. කොටි සංවිධානයේ න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ වචන වලින්ම කියනවා නම් උතුරු සහ නැගෙනහිර පලාත් එකතු කරලා අපට අභ්‍යන්තර ස්වයංපාලනය ලබා දෙන්න ලංකාණ්ඩුවට එකතු වුණා. අභ්‍යන්තර ස්වයංපාලනය කියන්නේ විදේශ කටයුතු සහ ජාතික ආරක්ෂාව හැරුණු විට අනිත් හැමදේම කරන්නේ ඒ අයට ඕනෑ විධියට. ඒක පලාත් සභාවක් නොවේ. ඒක පෙඩරල් රාජ්‍යයක් නොවේ. ඒක පුංචි නූලකින් එකට ගැට ගහලා තිබෙන වෙනත් රටක්. දෙමළ ඊළමට වෙනත් නමක්. ඔය විධියට ගැට ගහලා තිබුණු චෙකොස්ලෝවේකියාව තමයි චෙක් සහ ස්ලෝවේකියා කියලා දෙකට බෙදිලා ගියේ.

ඔස්ලෝ ප්‍රකාශනය අනුව උතුරට ස්වයංපාලනය ලබා දුන්නොත් දෙමළ ඊළම හැදිලා ඉන්දියාව පකිස්තානය වගේ හැමදාම දේශ සීමාව දිගේ ලේ ගලන මූසල යුගයක් අපටත් එනවා.

එදා 2002 කොටි සංවිධානය අවි අමෝරාගෙන අපේ රණවිරුවන් බුරුතු පිටින් මරා දාලා මිනී පෙට්ටියෙන් ගෙදර එවන කොට එදා සුදු ඇඳුම් ඇඳගෙන කිරි කොක්කු වගේ පාසල් ගිය පුංචි දරු පැටව් ඉලක්ක කරගෙන බෝම්බ පත්තු කරලා සුදු ඇඳුම රතු ලෙයින් තෙත් කරන කොට අනාරක්ෂිත ගම්මාන වලට කඩා වැදිලා අම්මාගේ ඇකයේ කිරි උරා බොමින් ඉන්න දරුවා උදුරා ගෙන පොල් ගහේ ගහලා ඔළුව චප්ප කරන කොට ඔව් රනිල්ගේ සජිත්ගේ ආණ්ඩුව කොටියාට බය වුණා. කොටියා ඉදිරියේ දණ ගැහුව්වා. දෙමළ ඊළම දෙන්න පොරොන්දු වුණා. ඒත් දැන් මොකට ද බෙදුම්වාදින්ට බය වෙන්නේ?

අපේ ආදරණීය රණවිරුවන් කොටි සංවිධානය උස්සලා පොලවේ ගහලා කුඩු පට්ටම් කරලා ඒක උඩ තොවිලයකුත් නටලා ඉවරයි. නැවත දෙමළ ඊළම දෙන්න නම් අපේ රණවිරුවන් 27,000ක් ජීවිත පූජා කලේ මොකටද? අපේ රණවිරුවන් 40,000ක් අත් පා ඇස් කන් පූජා කලේ මොකටද?

අද රනිල් සජිත් අනුර තුන්දෙනා දෙමළ බෙදුම්වාදින්ගේ පුංචි ඡන්ද කුට්ටියක් දිනා ගන්න තරගයට රට පාවා දෙනවා. දෙමළ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය ඩිවොලොප්මන්ට් මිස ඩිවලූෂන් නොවේ. දෙමළ ජනතාව උතුරට ඉල්ලන්නේ සංවර්ධනය මිස බලය බෙදීම නොවේ. උතුරු ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නේ කුලීනයන්ගේ මර්දනයකින් මිස සිංහල මර්දනයකින් නොවේ. අපි උතුරට ගියා. දෙමළ ජනතාව සමග කතා කලා. ඒ අයගේ උවමනායි කොළඹ ඉඳන් දේශපාලනය කරන බෙදුම්වාදින්ගේ උවමනාවයි එකක් නොවෙයි දෙකක් කියන එක අපි තේරුම් ගත්තා. ඒ නිසා රනිල් සජිත් අනුර කාට හරි ඡන්දය දෙනවා කියන්නේ රට රැකගත් දේශප්‍රේමින්ට කරන ද්‍රෝහිකමක් කියන එක අපි සිහිපත් කරනවා. ඒ නිසා සර්වජන බලය මේ රටේ තිබෙන තුරු ඒ මහ පාවා දීම මේ පොලවේ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ කියන පොරොන්දුව ජාතිය ඉදිරියේ තබනවා.

ජවිපෙ හොරු අල්ලන් නැ

අද ජවිපෙ ලොකුම සටන් පාඨය හොරු අල්ලනවා කියන එක. හැබැයි හොරුන් ගැන තොරතුරු දූෂණ විරෝධී කමිටුවට ලැබුණු වංචා ලිපි ගොනු තොගය උස්සපු ලංකා ඉතිහාසයේ කම්බ හොරා තමයි අනුර කුමාර. මේ ජාතියේ බඩුවක් ගැන ලෝක ඉතිහාසයේ වාර්ථාවෙන්නේ නැ. 2015 සිරිසේන ආණ්ඩුවේ හොරු අල්ලන්න දූෂණ විරෝධි කමිටුව බාර දුන්නේ අනුර කුමරුට. අනුර කුමරු අල්ලපු හොරෙක් නැ. ඒ කාගේ තිබුණු චෝදනාව තමයි මේ ෆයිල්වල සදහන් කරුණු අනුව අල්ලස් කොමිසමට පොලීසියට පැමිණිල කරනවා වෙනුවට මේ ලොකු ලොකු කට්ටිය අර ෆයිල්වල නම සදහන් පුද්ගලයට කතා කරලා කියනවා ඔයා ගැන මේ පැමිණිල්ලක් ලැබිලා තියෙනවා අපි මේ ගැන කටයුතු නොකර ඉන්න අපිට මොනවද ලැබෙන්නේ කියලා. අද ඒ ෆයිල් තොගය අනුර කුමරු ගාව.

අර සරත් ෆොන්සේකා බෝම්බ වැදුනු කාර් එක ප්‍රදර්ශනය කරනවා වගේ අනුර කුමරු ෆයිල් තොගය ප්‍රදර්ශනය කරනවා. අල්ලපු හොරෙක් නෑ. අනුරට පුළුවන් ද බැරිද කියලා බලන්න රට බාර දෙන්න කියලා මාලිමාවේ සහෝදරවරු කියනවානෙ. අනුරට රටක් පාලනය කරන්න පුළුවන් ද බැරි ද කියන එක පරික්ෂාවට ලක් කරලා නෑ කියමුකෝ. හැබැයි මාලිමාව පොරොන්දු වෙන විධියට අනුරට හොරු අල්ලන්න නම් බෑ කියලා බය නැතිව කියන්න පුළුවන්. මොකද සම්පූර්ණ බලය දීලා අවුරුදු පහක් දීලා එකම එක හොරෙක් අල්ලා ගන්න අනුර කුමරුට බැරි වුණු නිසා.

රනිල් සජිත් අනුර තුන් දෙනාම අද තානාපති කාර්යාල වලින් ලැබෙන ඩොලර් පවුම් යුරෝ රුපියල් මත යැපෙමින් විජාතික උවමනා වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරුණාකරලා කියවන්න. විශේෂයෙන්ම අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටින්න කලින් ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්න කියලා අපේ මහ සංඝරත්නයෙන් ගෞරුව පෙරදැරිව ඉල්ලනවා.

දේදුනු පාට අඳනකඩයට උඩින් සිවුරු පොරවා ගෙන රනිල් මැතිතුමාට පිරිත් නූල් බඳින අපේ හාමුදුරුවනේ,

කොල කහ පාට අඳනකඩයට උඩින් සිවුරු පොරවා ගෙන සජිත් මැතිතුමාගේ වේදිකාව සරසන අපේ හාමුදුරුවනේ,

දම්පාට අඳන කඩයට උඩින් කහ පාට සිවුරු පොරවා ගෙන අනුර මැතිතුමාට සෙත් පිරිත් දෙන හාමුදුරුවනේ,

ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්න.

ඔබ වහන්සේලා දැන හෝ නොදැන පාංශුකූලය දෙමින් ඉන්නේ අපේ ආදරණීය මව්බිමටයි. වසර 2,300ක් අභියෝග මැද රැකුණු සම්බුද්ධ ශාසනයටයි.

දිලිත් ජයවීර මැතිතුමා වැඩක් කරන්න බලය ඉල්ලන කෙනෙක් නොවේ. වැඩක් කරලා පෙන්වලා ඒක ජාතික මට්ටමෙන් කරන්න බලය ඉල්ලන කෙනෙක්. බදු ගෙවලා රාජ්‍ය ආදායමට මිලියන ගණනින් දායක වෙලා ඒක බිලියන ගණනින් වැඩි කරන්න බලය ඉල්ලන කෙනෙක්. දහ දහස් ගණනකට රැකියා දීලා ලක්ෂ ගණනකට රස්සා දෙන්න බලය ඉල්ලන්න කෙනෙක්. ඩොලර් මිලියන ගණනින් විදේශ විනිමය උපයලා ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය උපයන්න බලය ඉල්ලන්න කෙනෙක්. බුදුන් වහන්සේ කියූ විධියට තථාවාදි යතාකාරි – යථාවාදි තථාකාරි කෙනෙක්. කියන දේ කරන කරන දේ කියන කෙනෙක්. ඒ නිසා සතුටු දැයක් බිහි කරන්න දිලිත්ට රට භාර දෙන්න කියා ඉල්ලමින් මා නිහඬ වෙනවා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionSJBSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?