By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කෝටි හයක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කෝටි හයක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට
දේශීය

කෝටි හයක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Last updated: September 16, 2024 12:33 pm
2 Min Read
Share

පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් ලැබුණු පැමිණිල්ලක් මත රාජාංගණ යාය 14 ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි රුපියල් කෝටි හයකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ රාජාංගණයාය 14 ප්‍රදේශ‍ෙය් පදිංචි 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.

පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරීන් අදාළ නිවස වටලා සිදුකළ සෝදිසි කිරීමේදි නිවසේ ආරක්ෂිත යකඩ ගබඩා තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 202ක ප්‍රමාණය මෙසේ සොයා ගත්තේය.

මෙම ජාවාරමේ ප්‍ර‍ධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් සැකකරු සමඟ දීර්ඝ කාලයක් මෙම ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනවලින් හෙළිවූ බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙලෙස ඉන්දියාවෙන් රැගෙන එන නීති විරෝධි කේරළ ගංජා මහා පරිමාණයෙන් බෙදාහැරීමේ කටයුතුවල නිරත වී ඇති බවත් එයින් මේ වන විට රුපියල් කෝටි ගණන් වටිනා වත්කම් ප්‍රමාණයක් උපයාගෙන ඇති බවත් පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ලැබී තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.

වැටලීම සිදුවන අවස්ථාවේදී පලා ගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර තිබේ.කේරළ ගංජා තොගය සඟවා තිබූ නිවස වටා විශාල තාප්පයක් ගසා ආවරණය කර ඇති අතර සීසීටීවි කැමරා පද්ධතිවලින් නිවසට විශේෂ ආරක්ෂාවක් සපයාගෙන තිබූ බව කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල වැඩ බලන සහකාර පොලිස් අධිකාරි ඒ.පී.සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පුත්තලම කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.පුෂ්පකුමාර මහතා සමඟ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඒ.එම්.ඒ.විජේරත්න මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.කේ. රත්නායක සැරයන්වරුන් වන (39890) කුමාර. (903) අබේසිංහ කොස්තාපල්වරුන් වන (90719) විජේසිරි, (93093) සෝමරත්න, (3037) සමන්, ඇතුළු නිලධාරීන් වැටලීමට එක්ව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු හා කේරළ ගංජා තොගය රාජාංගණ පොලිසියට භාර දී තිබූ අතර සැකකරුවන් නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:ArrestedLocalPoliceSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?