අයථා ලෙස උපයාගත් ධනය හා දේපොළ නැවත අය කර ගැනීමට අදාලව අපරාධයකින් උත්පාදිත දේ පිිළිබඳ පනත ගැසට් කර ඇතැයි අමාත්‍ය, ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා පැවසීය. හොරා කාපු දේපළ පවරා ගන්නවා යැයි කට කියවන අය ඒ වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්වත් ගෙන ඒමට මෙතෙක් කටයුතු කර නැති මුත් මෙම පනත සම්මත වීමෙන් අනතුරුව එවැනි සිදුවීම් ඇතිනම් ඒ පිළිබද නෛතික ක්‍රියාමාර්ගවලට යොමු වීමේ අවස්ථාව හිමිවන බව ද ඒ මහතා පැවසුවේ අද (2024.09.16) කොළඹ පැවති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා
සමීක්ෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ මෙවර මැතිවරණයේදී ජනතාවට වැදගත් වන්නේ ජාතික ආර්ථිකය බවයි. 2020 ජාතික ආර්ථිකය සහ මේ අවුරුදු දෙකහමාරයේ ඇති කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව කල්පනා කරන එක ඉතා වැදගත්. අයි.එම්.එෆ් එක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න මම කැමතියි. ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණ ඇති මඟ තුළ විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇති නමුත් රට තවමත් ආර්ථික අවධානමෙන් මිදී නොමැති බවත් දුෂ්කරතා මැද අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.
ඉතිහාසය වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කරගැනීම ඉතාම වැදගත් බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. වැඩසටහන් කාර්ය සාධනයේ ශක්තිමත් බවත්, ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය පෙන්නුම් කරමින් පවතිනවා. ආර්ථිකය වර්ධනය වීමට පටන් අරන් තියෙනවා. උද්ධමනය පහළ යමින් තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණය හා රාජ්‍ය ආදායම ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාර්යභාරය එතෙකින් අවසන් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහභාගී නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය. එම සාකච්ඡා සිදුවන්නේ ණය ලබා ගත් රටවල් හා ණය හිමියන් අතරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන්නේ ණය තිරසරභාවය පිළිබඳ තක්සේරුවක් පමණයි කියලා ඔවුන් සඳහන් කර තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට අපට දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයෙන් පත්කර ගැනීම සඳහා මේ වැඩසටහන තුළින් අත් කරගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් බව ඔවුන් කියනවා.
මෙයින් අදහස් කරන්නේ අප විසින් මෙතෙක් ඉදිරිපත් කරගෙන ඇති සහ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සාර්ථකව බවයි. 70% තිබුණු උද්ධමනය 0.5% පහකට බැහැලා තියෙනවා. රුපියල් 376 තිබුණු ඩොලරය රුපියල් 300කට අඩුවෙලා තියෙනවා. මැතිවරණයත් එක්ක අවාසනාවකට වගේ පහුගිය දිනවලදී ඩොලරයේ මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමක් සිද්ධ වුණා. අපි ඉදිරිපත් කළ වැඩසටහන අනුව එය අඩුවෙලා. බිලියන 1.5 වුණු සංචිත දැන් එය බිලියන 6 දක්වා වැඩිවෙලා තියෙනවා. 2017 න් පසුව ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තියෙනවා. 1977න් පස්සේ ප්‍රථම වතාවට විදේශ ප්රේක්ෂණ හා ලංකාවෙන් එළියට යන විදේශ ප්‍රේෂණවල අතිරික්තයක් 2023 වසරේදී වාර්තා කළා. මේ සියල්ල තුළින් පේන්නේ ආර්ථිකය නිසි මඟට කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බවයි.
මිනිස්සු මේ ඡන්දය දිහා බලන්නේ ආර්ථිකය පදනම් කරගෙන. එම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් හැටියට සහ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජනාධිපතිතුමාගේ කණ්ඩායම හැටියට අපි දැඩි විශ්වාසයකින් පසුවෙනවා ජනතාව නිවැරදි අවස්ථාවේදී වඩා වැදගත් තීන්දුව ගනිියි කියලා.පසුගිය සති දෙක තුළ යන යන හැම තැනම ජනාධිපතිතුමාට සහයෝගය වැඩි වෙමින් පවතිඉනවා. නිහඬව හිටපු ඡන්ද දායකයින් අද හිමින් එළියට එමින් සිටිනවා. මේ වෙලාවේ අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. අවුරුදු දෙකහමාරක් තුළ හොඳ ප්‍රගතියක් ලබාගෙන තියෙන් නිසා එය තවදුරටත් එදිරියට ගෙන යන්න ඕන කියන එක ඔවුන් විශ්වාස කරනවා.
2022 වර්ෂයේදී අපට බෙහෙත්, තෙල්, පෝර නැහැ. සියල්ලටම වඩා ණයවර ලිපියක් විවෘත කරගන්න බැහැ. අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය ආනයන කරගන්න බැහැ. පිටරට ඉගෙන ගන්න දරුවට සල්ලි යවාගන්න විදිහක් නැහැ. විදේශිකයෝ ගෙන්වා ගන්න විදිහක් නැහැ. මේ ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙනයා යුතුයි. ජනාධිපතිතුමා මේ සියල්ල කරන්නේ වියදමට සාපේක්ෂව ආදායමක් වැඩි කර ගනිමින්. අපේ ආදායම 2021ත් එක්ක සංසන්දනය කරනකොට තුන් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. 2021 අපේ ආදායම තිබුණේ ශ්‍රී ලංකා රුපියල් බිලියන 1281. මේ අවුරුද්ද අවසාන වෙනකොට එය අපේ ආදායම බිලියන ට්‍රිලියන 3.8 හෝ 4 පමණ වෙනවා. ඒකෙන් පේන්නේ අපේ ආදායම ප්‍රමාණවත් කියන එක.ඒ නිසයි පඩි වැඩි කරන්න, පොහොර සාරාධාරය වැඩි කරන්න, අස්වැසුම තුන් ගුණයකින් වැඩි කරන්න පුළුවන් වුණේ. ඒ අතරේ රුපියල පාලනය කරගෙන තිබෙනවා. සංචිතත් වැඩි වෙලා තියෙනවා. උද්ධමනය පාලනය කරගෙන තියෙනවා. ඒකට හේතුව, ආදායම වියදම කළමනාකරණය කරගැනීම. හැබැයි අනිත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම කියන්නේ ආදායම් බදු අඩු කරන බව. ඒ වගේම ඔවුන් කියනවා රුපියල් මිලියනයට වැඩිය හම්බ කරන අයගෙන් 24%ට වඩා වැඩියෙන් ආදායම් ලබන අයගෙන්. ඒ වගේ අය ඉන්නේ ලක්ෂ තුනයි. ඒ අය ආදායම අඩු කරනවා කියන්නේ ධනවතුන්ට තවදුරටත් සහන ලබා දෙනවා කියන එක. එතකොට කවුද දුප්පතුන්ව බලා ගන්නේ.
මේක තමයි 2019 දීත්, අවාසනාවකට වගේ අපි ගෙනාපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කලේ. එතුමා බලාපොරොත්තු වුණා ඒ මුදල නැවත ආර්ථිකයට ආයෝජනය කරයි කියලා. නමුත් ඒක උනේ නෑ. ආදායම අඩු වුණා. වියදම වැඩි වුණා. සම්පූර්ණයෙන්ම රුපියල කඩා වැටුනා. ඩොලරය 180 ඉඳලා 376 දක්වා වැඩිවුණා.අපේ සම්පූර්ණ සංචිත ටික නැතිවුණා. උද්ධමනය 70% කින් වැඩි වුණා. උද්ධමනය 70% කින් වැඩි වෙනවා කියන්නේ ඔබ ගිය සතියේ ගිහිල්ල ගත්ත බඩු මල්ලට රුපියල් දහදහසක් ගෙව්වනම්, ඒ බඩු මල්ලට 17000ක් ඕනේ කියන එකයි.
පසුගිය අවුරුදු දෙකේ අපි මේක පාලනය කිරීමෙන් බඩු මිල වැඩිවීම වේගය අඩු කර ගෙන තියෙනවා. නමුත් අපි පිළිගන්නවා වැඩි වුණු බඩු මිල අඩුවෙලා නැහැ. ඒ නිසයි පඩිය වැඩි වෙන්න ඕනේ කියලා අපි පිළිගන්නවා.මේ වැඩ පිළිවෙල ඉතාම සංයමකින්, පාලනයකින්, කැමැත්තෙන් සහ අධීක්ෂණයකින් කරනවා මිසක් කටට එන දේවල් කියන්නේ නැහැ.
ඒ අනුව පෙබරවාරි පළවෙනිදා වෙනකොට ලංකාවට වාහන ගෙන්විමේ සීමා ඉවත් කරනවා. හැබැයි සංචිත ආරක්ෂා කරගන්න ඕනේ නිසා තීරුබදු වැඩිකරනවා. සමහරු අහනවා මේක ඡන්ද ගුණ්ඩුවක්ද කියලා. ඡන්ද ගුණ්ඩුවක් නම් වහාම ගෙන්නන්න ඉඩ දෙන්න ඕනේ. අපි එහෙම වගකීම් විරහිත ලෙස වැඩ කරන්නේ නෑ. අපිට වැදගත් රටයි. රට ගැන හිතලා කළ හැකි දේ තමයි අපි කරලා තියෙන්නේඅයි.එම්.එෆ් එකත් එක්ක කතා කරලා රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සිට ලක්ෂ පහ වෙනකම් වැටුප් ගන්න අය 15% -23% දක්වා ඔවුන් ගෙවන බදු අඩු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ අප්‍රේල් පළමුවැනිදා ඉඳලා. වගකීම් විරහිත ලෙස කරනවා නම් ඒක වහාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්නේ නැහැ.
අපි තවදුරටත් මේ රට පාලනය කරන්න ඕන කියන ස්ථාවරයේ අපි ඉන්නවා. අපට වැදගත් වෙන්නේ රට මිස ජනප්‍රිය සටන් පාඨ නොවේ. සමහරු කියනවා මේ සියල්ල අත් කරගෙන තියෙන්නේ ලබා ගත්ත ණය නොගෙවීම නිසා කියලා. ඒක බොරුවක්. ලබාගත්ත ණයෙන් යම් ප්‍රමාණයක් ගෙවලා නැහැ. ඒක ඇත්ත. ගෙවලා නැත්තේ පිට රටවලින් ගත්ත ණය සහ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් ගත්ත ණය විතරයි. දේශීයව ගත්ත සියලුම ණය අපි ගෙවාගෙන යනවා. ඒක හැමෝම දන්නවා. අයි.එ.හ්ෆ් ලෝක බැංකුව සහ වෙනත් රටවල මහා බැංකු වලින් ගත්ත ඇමරිකානු ඩොලර් බිලියන පහක විදේශ ණය ගෙවලා තියෙනවා. කවුරුත් කියනවා නම් ගෙවලා නැහැ කියලා ඒක බොරුවක්.මේ සියල්ල හොඳින් කළමනාකරණය කරගෙන තමයි මේ දේවල් කරලා තියෙන්නේ තියෙන්නේ.
ඒ නිසා බුද්ධිමත් ඡන්දදායකයා තීරණය කළ යුතුයි කරන්නෙන් කියලා කරන අයටද, කරලා පෙන්නපු පුද්ගලයාටද මේ අවස්ථාවේදී ඡද්නය දෙන්න ඕනේ කියලා. අසනීප වුණොත් වෛද්‍යවරයෙක් ගාවට ගිහින් අවුරුද්දක් දෙකක් ප්‍රතිකාර ගන්නවා. ඒ කාලයේදි විවිධ පරීක්ෂණ කරලා ප්‍රතිකාරවල ප්‍රගතිය බලනවා. ප්‍රගතියක් තියෙනවා නං අපි හිතනවා ඒ වෛද්‍යවරයා එක්ක දිගටම ප්‍රතිකාර කටයුතු කරන්න ඕනේ කියලා. මේ වෙලාවේ වෛද්යවරායගේ වයස වැඩි නිසා ඒක අලුත් වෛද්‍යවරයෙක් ගාවට යන්නේ නැහැ. ඒ වගේ තමයි මේ වෙනකොට ආර්ථික වර්ධනයට අදාාලව රුපියල පාලනය වෙලා , උද්ධමනය පාලනය වෙලා, සංචිත වැඩි වෙලා තියෙනවා. සංචාරකයෝ වැඩියෙන් එනවා. මේ සියල්ලත් එක්ක අයි.එම් එෆ් එක යන මග හොඳයි කියනවා. හැබැයි තවදුරටත් යන්න ගමනක් තියෙන බව කියලා තියෙන මේ වෙලාවේදී රියදුරාව වෙනස් කරනවද කියන ප්රශ්නය 21 වෙනදා ඡන්දදායකයෝ තීරණය කරයි.
මේ රටේ ඡන්ද දායකයෝ බුද්ධිමත්. ඒ බුද්ධිමත් ඡන්දදායකයා බුද්ධිමත් තීරණයක් ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.අවුරුදු 76 ක් පුරා මොකක්ද මේ රටට කරලා තියෙන්නේ කියලා හැම වෙලේම අහනවා. ඒක සම්පූර්ණයෙන්ම කුහක ප්‍රකාශයක්. අපිට යන්න ඕන දුර යන්න බැරි උනත් මේ රටේ අද වෙනකොට මිලියන 4.2ක් සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. 90%ට වැඩිය යන්නේ තවමත් රජයේ රෝහල්වලින්. නිදහස් සෞඛ්‍යයෙන් ආධාර ලබනවා. පුද්ගලයෙක් ඉපදෙන්න ඉන්න අවස්ථෘවේ සිට ගර්භය ආරක්ෂා කරනවා වින්නඹු මාතාවක් ළඟට යවලා. දරු උපතේදී දරුවාව ආරක්ෂා කරනව නිදහස් සෞඛ්‍ය හරහා. අවුරුදු පහේ ඉඳලා අවුරුදු 18 වෙනකන් පාසල් මගින් නිදහස් අධ්‍යාපනය ලබා දෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දෙනවා අවශ්‍ය නම් මහපොළත් ලබා දෙනවා. උදාහරණයක් තමයි ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් වෙන අනුර කුමාර දිසානායක. එතුමා දිහා බැලුවම මොකක්ද මේ මිනිස්සු පහුගිය අවුරුදු 76 කරලා තියෙන්නේ කියලා පෙනෙයි.සාමාන්‍ය පවුලක ඉපදිලා, ගොවියෙක්ගේ පුතෙක් වෙලා, පාසලකට ගිහිල්ලා, විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා, උපාධිය අරගෙන එතුමා එළියට ආවා. මේ සියලු ආයෝජන කළේ කවුද? පරම්පරා දෙකකට පෙර කාලයට ගිහින් බැලුවනම් අපේ පවුල් වල කීදෙනෙක්ටද උපාධි තිබ්බේ. දැන් කී දෙනෙකුට තියෙනවද? ලංකාවේ පාරවල් කිලේ මීටර් තුන් ලක්ෂ දහතුන් දහසකට වඩා කාර්පට් කරලා. අපි නිදහස ගන්නකොට වාහන තිබුනේ අටදාහයි. ලංකාවෙ දැන් මිලියන අටක් තියෙනවා. ළදරු මරන අනුපාතිකය ලෝකයේ ලොකුම රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට හොද තැනක. නිදහස ලබන කොට අපේ ජීවිත අපේක්ෂාව තිබුණේ අවුරුදු හතළිස් නවයයි. අද වෙනකොට අසූ එකකට වැඩියි. කවුරු හරි කියනවනම් මොකක්වත් කරේ නෑ කියලා ඒක වැරදියි. හැබැයි ඔයිට වැඩිය කරන්න තිබුන 71 කැරලි නොගැහුවනන්. 88-89 කැරලි ගහන්නෙ නැතුව අපේ පරපුරු දෙකක් ආපස්සට හැරෙව්වේ නැත්නම්. ප්රභාකරන් අවුරුදු විසි හයක් තිස්සේ මිනීමරු යුද්ධයක් කරේ නැත්නම්. අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව පාරට බස්වන්නේ නැතුව නිදහස් අධ්‍යාපනයේ ප්‍රයෝජන අරගෙන ඔවුන්ව රැකියාවට යොමු කළානම්. එන එන ආයෝජකයාගේ ආයෝජන නැවැත්වීම සඳහා කඩාකප්පල් කිරීම් සිදු නොකළා නම්. ඔවුන් පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා කියලා. ඒකෙන් කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල තියාගන්න ඒගොල්ලෝ කැමතියි කියලා. කවුද ඒකට අවුරුදු හතළිහක් තිස්සේ විරුද්ධ වුණේ. රාගම වෛද්‍ය විද්‍යාලය හදන කොට, සයිටම් එක හදනකොට විරුද්ධ උනා. අපේ ළමයින් බුරුතු පිටින් පිටරට යන්න සිද්ධ වුණා. දැන් අවුරුදු 40කට 43කට පස්සේ මේක තේරුම් ගැනීම පිළිබඳ අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. මුකුත්ම කරේ නැහැ කියන එක අපි පිළිගන්නේ නැහැ. රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයාම සහ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා දූෂණය හා අල්ලසට විරුද්ධව අපි කටයුතු කරන්න. ඕනේ කවුරු හරි දේශපාලඥයෝ කියනවා නම් මම ගිහිල්ලා අල්ලනවා කියලා එහෙම කරන්න බැහැ. රටේ තියෙන නීති පද්ධතිය අනුව තමයි කරන්න වෙන්නේ. 2015 සහ 19 වෙනකම් දේශපාලඥයෝ තීරණය කරන්න බැලුව කාවද අල්ලන්නේ කාවද හිරේ දාන්නේ කියලා. ඒ නඩුවලින් 95% ඔවුන් පරාජයට පත්වුණා. හොඳම දේ තමයි දේශපාලඥයෝ අත නොගසා ඒ ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. ඒ සඳහා නීති ගෙන ඒම. 2013 අංක 19 දරණ දූෂණ විරෝධී පනත ගෙනාවේ ඒකටයි. ඒ නිසා තමයි අද සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් හෙළි කරන්නට ඕනේ. අපි එනකොට මොනවද තිබුණේ යනකොට මොනවද තියෙන්නේ කියලා කියල දැන් බලන්න පුළුවන්. කවුරු හරි උපයා ගත් තොරතුරු තියාගෙන අදාල ආයතන වල නොදුන්නොත් ඒකත් ප්‍රශ්නයක්.ඉතාමත් ශක්තිමත් දූෂණ විරෝධී පනතක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව අපිත් කටයුතු කරනවා. කටින් කිව්වට හොරා කාපු දේපළ පවරා ගැනීමට කවදාවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්වත් ගෙනාවේ නැහැ. පසුගිය සතියේ මම කැබිනට් එකට ඉදිරිපත් කරලා ගැසට් කරලා තියෙනවා. කැබිනට් එකට ඉදිරිපත් කළා දැන් ගැසට් කරලා තියෙනවා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත. ඒ පනත අදාල කෙටුම්පත අපි ගැසට් කරලා තියෙනවා. ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නීතියක් බවට පත්කර ගැනීමේ හැකියාව අපට තියෙනවා මේක ඉතාමත්ම බලවත් පනතක්. අධිකාරියක් පිහිටනවා. අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීන් හා පොලිසියේ නිලධාරියෙක් නම් කරනවා තොරතුරු ලබාදීම සඳහා. තොරතුරු ලබාදුන්නට පස්සේ ඒවා ආරක්ෂා කරනවා. ඊට පස්සේ කාට විරුද්ධව හරි තොරතුරක් ලැබුණා නම් ඔවුන්ගෙන් දේපොල අයකරගත් ආකාරය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නවා.වැරැද්දක් තියෙනවා නම් ඒ දිවුරුම් ප්‍රකාශය ඔවුන්ට විරුද්ධ යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. යම් පුද්ගලයෙක් සොරා ගත් මුදල් කිසියම් පුද්ගලයෙක් තියගෙන ඉන්න බවට කරුණු තියෙනවනම් ඒ කරුණු අනාවරණය නොකලොත් ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ හා සමානව ජාත්‍යන්තරව හා දේශීයව විවිධ ආයතනත් එක්ක කළමනාකරණය කර ගැනීම සඳහා අධිකාරියක් අපි පිහිටවලා තිබෙනවා.මහා බැංකු පනතෙන් ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. තවදුරටත් මුදල් අච්චු ගහන්න බැහැ. ආර්ථික පරිවර්තන පනත මගින් එක තැනකින් සියලුම නියාමන කිරීම සඳහා අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මම හිතනවා ආර්ථිකය සෑහෙන ප්‍රගතියක් අපි අරන් තියෙනවාඅස්වැසුම තුන්ගුණයකින් වැඩිකර තියෙනවා. පොහොර සහනාධාරය දීලා තියෙනවා රුපියල් විසිදහසට ගියපු පොහොර අද රුපියල් හාරදහට ගන්න පුළුවන් තත්ත්වයට පත්කරල තියෙනවා. මේ ලබා ගත්ත ස්ථාවරත්වය තව අවුරුදු පහක් දහයක් එක දිගට දුවන්නට ඕනේ ඒ සඳහා අවශ්‍ය නියත තීරණය ජනතාව ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.