By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මාලිමාව ප‍්‍රචණ්ඩත්වය භීෂණය පතුරුවනවා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මාලිමාව ප‍්‍රචණ්ඩත්වය භීෂණය පතුරුවනවා
දේශපාලන

මාලිමාව ප‍්‍රචණ්ඩත්වය භීෂණය පතුරුවනවා

Last updated: September 15, 2024 1:41 pm
4 Min Read
Share

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රමුඛ මූලධර්මයන් පවා උල්ලංඝනය කරමින් ජවිපෙ විසින් ප්‍රචණ්ඩත්වය පතුරවමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් පැවසීය.

ඒ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනාගතය ගැන කුමන පුරෝකථනයන් සිදු කළද මැතිවරණයට පෙර සිටම ඔවුන්ගේ කණ්ඩායම් කටයුතු කරනුයේ භීෂණකාරී අන්දමින් බව වාර්තා පල වේ.

ඒ මහතා අවධාරණය කළේ අදහස් ප්‍රකාශ කිරීමේ හා රැස්වීමේ නිදහස කවුරුන් වුවත් ආරක්ෂා කළ යුතු බවයි. ජනාධිපතිවරණ පරාජය දරා ගත නොහැකිව මෙලෙස ප්‍රචණ්ඩකාරී වීම සමගි ජන බලවේගය හෙළා දකින බව මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේය.

සමගි ජන බලවේගයේ විජයග්‍රහණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය දුන් නොදුන් සෑම පුරවැසියෙකු වෙතම බියෙන් සැකෙන් තොරව නිදහස් ජනජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරය උදා කරන බවත්, තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් යෝජනාවලිය ක්‍රියාවට නැංවීම අරඹන බවත් එතුමා සඳහන් කළේය.

සජබ විසින් රටට ඉදිරිපත් කළ ආර්ථික යෝජනා, ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන ක්‍රියාවට නංවමින් සිටී.

සජබ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විමසා සිටියේ විපක්ෂය ලෙස ඉදිරිපත් කළ තම යෝජනා, බලයේ රැඳී සිටිමින් ආණ්ඩුව ලෙස ජනතාව වෙත ලබා දීමට අපොහොසත් වූයේ ඇයිදැයි යනුවෙනි. පසුගිය සතියේ සමාජයේ බොහෝ දෙනා අවධානය යොමු කළ උපයන විට බද්ද පිළිබඳ සංශෝධන, සමාජ ආරක්ෂණ සහනාධාර හා වාහන ආනයන සැළසුම් යෝජනා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තීන්‍ ය.

නමුත් එම යෝජනා ඉදිරිපත් කර ටික දිනෙකින්, ජනාධිපතිවරයා විසින් එම යෝජනාවන්ම ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටියි. මෙවන් වාතාවරණයක තම ඡන්දය අපතේ නොදමන්නැයි මරික්කාර් මන්ත්‍රීවරයා මෙරට සමස්ත එජාප සාමාජිකයන් හට දැනුම් දුන්නේය. ඩී.එස්. ඩඩ්ලි, ජේ.ආර්. ප්‍රේමදාස ප්‍රතිපත්තිය ජීවමානව පවතින්නේ සමගි ජන බලවේගය තුළ පමණි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයත්, සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයත් නියත බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

එළැඹෙන ජනාධිපතිවරණය වූ කලි, කණ්ඩායමක් තෝරන වරණයක් නොවන බවත් නායකයෙකු තෝරා ගනු ලබන අවස්ථාවක් ලෙස වික්‍රමසිංහ මහතා හැඳින්වුවද, නායකයා ලෙස ඔහුත්, ඔහු වටා සිටින කණ්ඩායම නිසා පසුගිය සමයේ රටට අහිමි වූ සෘජු විදේශ ආයෝජන පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරයා සිහිපත් කළේය. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සජබ කණ්ඩායම විසින් ක්‍රියාත්මක කෙරෙන ආර්ථික යෝජනා මේ වන විට රටට ඉදිරිපත් කර ඇත.

පොහොර මිටිය රු.5000/=ක මිලට ගෙන ඒම, වැට් බදු අඩු කිරීම, උපයන විට බදු සංශෝධනය, ජ්‍යේෂ්ට පුරවැසියන්ගේ තැන්පතු පොලී අනුපාත පිළිබඳ සංශෝධන ආදී සියල්ල යෝජනා ලෙසත්, එම යෝජනා ක්‍රියාත්මක කරන ආකාරයත් ලිඛිතව සඳහන් කර තිබේ. නමුත් මේ තාක් වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ක්‍රියාත්මක කළේ මහජනතාව සූරා කමින් අසාධාරණ ලෙස බදු අය කර ගැනීම පමණි.

IMF නිර්දේශයන්ද ඉක්මවා යමින් හෙන ගහන්නා සේ බදු ගසා රැස් කරගත් මුදල සාධාරණීකරණය කර එහි වාසිය ජනතාව වෙත සහනයක් ලෙස ලබා දීම සජබ පාලනයක අපේක්ෂාව බව එම පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන ප්‍රමාණය පමණක් බදු ආදායම ලෙස එකතු කිරීමත්, අතිරික්තය සමාජගත දුගී බව තුරන් කිරීමටත්, ඉදිරි බදු ප්‍රතිශත ජනතාවාදීව සංශෝධනය කිරීමටත් යෝජිතයි.

මෙම මාධ්‍ය හමුවේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා, තවමත් තීරණයක් නොගත් ඡන්දදායකයින් අමතමින් විශේෂ සඳහනක් කළේය. මේ මොහොතේ රට ගොඩනැගීමට සුදුසුම ප්‍රායෝගික වැඩපිළිවෙළ, එය ක්‍රියාත්මක කළ හැකි දක්ෂ තරුණ කාර්‍යශූර කණ්ඩායම හා නිවැරදි නායකත්වය ඇත්තේ සමගි ජන බලවේගය සතුවයි.

“රට බේරා ගැනීමේ” මුවාවෙන් පසුගිය වර මෙන් මෙවරත් වරදක් සිදු කර ගත හොත් එය විශාල අනර්ථයක් රටට සිදු කරනු ඇත. දැනුමක් හෝ අත්දැකීමක් නැති, සුදුසු කණ්ඩායමක් නොමැති, පරස්පර අදහස් සහිත, ආර්ථික හා සාමාජයීය වැඩපිළිවෙළක් රහිත, සෑම ප්‍රශ්නයකටම පිළිතුර ලෙස හිරේ දැමීම යෝජනා කරන පාර්ශවයකට රට භාර දී වරදකරුවන් නොවන්නැයි සජබ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඉල්ලා සිටියේය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionSJBSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?