By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: බැලුම්මහර ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන සමූහ දුෂණය කරලා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > බැලුම්මහර ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන සමූහ දුෂණය කරලා
දේශීය

බැලුම්මහර ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන සමූහ දුෂණය කරලා

Last updated: September 12, 2024 5:48 pm
1 Min Read
Share

බැලුම්මහර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි තිබූ මුදල් ඇතුළු දේපොළ කොල්ලකා සම්බාහනයේ නිරත යුවතියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනකුගෙන් පස්දෙනෙකු යක්කල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූහ.

කඩුවක් අතැතිව එම සම්බාහන මධ්‍යස්ථා- නයට ඇතුළු වී ඇති හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායම එහි සේවය කළ කාන්තාවන් පස් දෙනකු කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, මුදල් හා අනෙකුත් දේ පොළ කොල්ලකා ඇත.

අනතුරුව ඔවුන් සම්බාහන ආයතනයේ සේවය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඇතැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගත් බව යක්කල පොලිස් ස්ථානාධි පති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතා ‘දිනමිණට’ පැවසීය.

මෙම කාන්තාවන් දෙදෙනා පැහැරගෙන මීගහවත්ත ප්‍රදේශයේ නිවෙසකට ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බව එම කාන්තාවන් පොලිසියට පවසා තිබේ.

මේ වන විට වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා මෙම කාන්තාවන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වූ ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචි තෙරපිවරියක සහ වයස අවුරුදු 23ක් වූ කුලියාපිටිය ඉලුක්වෙන ප්‍රදේශයේ පදිංචි තෙරපිවරයකි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකු දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කාන්තාවන්ගෙන් කොල්ලකන ලද දේපොළ ද සොයාගත් බව පොලිසිය පැවසීය.

සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීමට වීමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalRapeSpaSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?