By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කොළඹ වරාය තෙල් විකිණීමෙන් ලාභ ලබයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > කොළඹ වරාය තෙල් විකිණීමෙන් ලාභ ලබයි
ආර්ථික

කොළඹ වරාය තෙල් විකිණීමෙන් ලාභ ලබයි

Last updated: September 11, 2024 7:10 pm
1 Min Read
Share

කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය.

ආයතනය එම කාලයේදී කෝටි 222ක පමණ ආදායමක් උපයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ලක්මාල් රත්නායක මහතා මෙසේ පැවසුවේ එම ආයතන පරිශ්‍රයේදී පෙරේදා(10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රතු මුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායට නැව් පැමිණීම වැඩිවීමෙන් ආදායම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පැවසූ සභාපතිවරයා ආයතනයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තවත් ඉන්ධන ටැංකි දෙකක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

සේවකයන්ට හැකි උපරිම වරප්‍රසාද දීමෙන් ආයතනය ලාභ ලබන තත්වයට ගෙන ආ බවත් අද මෙය විදේශ විනිමය උපයන වරාය අධිකාරියට බරක් නැති ආයතනයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කොළඹ වරායට පැමිණෙන සියලුම නෞකාවලට අවශ්‍ය නැව් තෙල් සැපයීම සඳහා ගබඩා පහසුකම් සපයා දෙනු ලබන්නේ තම ආයතනය බව පැවසූ රත්නායක මහතා ආයතනයේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් දාන ශීල භාවනාවලට මුල් තැන දෙන වැඩසටහන් රැසක් මේ දිනවල ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර කෝදාගොඩ, මුදල් කොට්ඨාශ ප්‍රධානී සුගන්ධිකා ලංසාකාර සහ ඉංජිනේරු කොට්ඨාශ ප්‍රධානී නලින් විදානපතිරණ යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:Colombo PortEconomicFuelSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?